25.9 C
Galle

දරුඵල ගැනීමට දේවාලයට ගිය තරුණියගේ දිවි අහිමිවෙයි

Published:

දරුඵල  ලැබීමට යැයි කියමින් දේවාලයකින් ලබාදුන් විරේකයක් පානය කළ තරුණියක අද (10) මියගිය බව මින්නේරිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඩී.ජී.දිල්මි සඳුනිකා විජේරත්න නමැති 23 හැවිරිදි තරුණියකි. ඇය සීගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි අතර මිට වසර 03කට පමණ පෙර විවාහ වූවාය. දරුඵල ප්‍රමාදවීම හේතුවෙන් ඇය දේවාලයකට ගොස් පූජාවක් සිදුකර දින තුනක් විරේකයක් පානය කර ඇත.

මෙම දේවාලය පවත්වාගෙන යන්නේ මියගිය තරුණියගේ, පියාගේ නැන්දණියක විසින් බව ද අනාවරණය වී ඇත.

පොලිසිය පවසන්නේ අද (10) දින රෝගාතුර වූ එම තරුණිය ජයන්තිපුර රෝහලට ඇතුළත්කරන විටත් මියගොස් සිටි බවයි.

Related articles

Recent articles

error: Content is protected !!