26.9 C
Galle

මුහුදේ ගැටුමකින් පිළිස්සුම් තුවාල ලැබූ ධීවරයෙක් කරාපිටියට ගෙනඑයි

Published:

ශ්‍රී ලංකාවට නිරිතදිග ගැඹුරු මුහුදේ දී විදේශීය යාත්‍රාවකින් එල්ලකරන ලද පෙට්‍රල් බෝම්බයක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලැබූ ධීවරයෙක් නාවික හමුදාව විසින් ගාල්ල ධීවර වරායට ගෙනවිත් ඇතැයි වාර්තා වේ.

ගාල්ලේ සිට නාවික සැතපුම් 431ක් ඈත මුහුදේ දී මෙම අනතුර සිදුව ඇත.

පසුගිය ජුනි 22 වැනි දින ත්‍රිකුණාමලය වරායෙන් “සචින්ත පුතා” නමැති බහුදින යාත්‍රාව මුහුදු ගොස් ඇති අතර ජාත්‍යන්තර මුහුදේ දී එම යාත්‍රාව වෙනත් විදේශ යාත්‍රාවක ගැටී ඇතැයි වාර්තා වේ. එම අවස්ථාවේ එම විදෙස් යාත්‍රාවේ සිටි පුද්ලයන් පෙට්‍රල් බෝම්බයකින් දමා ගැසූ බවත් ඒ හේතුවෙන් මෙම ධීවරයා පිලිස්සුම් තුවාල ලැබූ බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාවට දැනුම් දී තිබේ.

එම දැනුම්දීම අනුව නාවික හමුදාවේ ස්පාර් මීරා නම් වූ නෞකාව විසින් ඔහු බේරාගෙන ප්‍රතිකාර සඳහා ගොඩබිමට ගෙනවිත් ඇත. තුවාල ලැබූ ධීවරයා ඊයේ (11) කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටියි.

Related articles

spot_img
error: Content is protected !!