26.2 C
Galle

භික්ෂුවට සහ කාන්තාවන් දෙදෙනාට පහරදුන්නා යැයි සැක පිරිස තවදුරටත් රිමාන්ඩ්

Published:

නවගමුවේ විහාරස්ථානයක දී  භික්ෂුවක්, තරුණියක් සහ කාන්තාවක් අඩ නිරුවතින් සිටිය දී ඔවුන් නිරුවත් කර පහර දීම ඇතුළු චෝදනා 09ක් යටතේ රිමාන්ඩ් කර සිටි පුද්ගලයන් 08 දෙනා ලබන 26 වැනි දා දක්වා නැවත රිමාන්ඩ් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් වාණිමා විජේබණ්ඩාර ඊයේ (12) නියෝග කළාය.

එම සැකකරුවන් පිරිස හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔවුන් අතරින් 07 දෙනකු හඳුනාගැනීමට එක් කාන්තාවක් සහ භික්ෂුව සමත්වූ අතර අනෙක් සාක්ෂිකාරිය ඔවුන් කිසිවෙකුත් හඳුනා නොගත්තාය.

මෙහිදී පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය වෙත කරැණු දක්වමින් පැවසූවේ සිද්ධිය සම්බන්ධයෙන් තවක් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට සිටින බවට පොලිසිය දැනුවත් කර ඇති බැවින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසයි.

Related articles

Recent articles

error: Content is protected !!