29.8 C
Galle

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන් බංග්ලාදේශය පරදවයි

Published:

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අද (13) කොළඹ එස්.එස්.සී. පිටියේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම, බංග්ලාදේශ ඒ කණ්ඩායම ලකුණු 48කින් පරාජය කිරීමට සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 349ක් රැස්කළේය. ආරම්භක පිතිකරු අවිශ්ක ගුණවර්ධන ලකුණු 133ක් රැස්කළේය. පන්දු 124කට පමණක් මුහුණ දුන් ඔහු සිය ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 03ක් ඇතුළත් කර තිබිණි.

මිනෝද් භානුක ලකුණු 57ක් රැස්කළ අතර, පසිඳු සූරියබණ්ඩාර ද ලකුණු 43ක් රැස්කළේය. කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දුනිත් වෙල්ලාලගේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 19ක දී හයේ පහරක් සහ හතරේ පහර 03ක් සමඟ ලකුණු 31ක් රැස්කළේය.

බංග්ලාදේශ ඒ කණ්ඩායම වෙනුවෙන් සෞම්‍ය සාකර් සහ රිපන් මොන්ඩල් කඩුළු 03 බැගින් දවාගත්හ.

සයිෆ් හුසේන් 53ක්, මොහොමඩ් නියාම් 51ක් සහ සෞම්‍ය සකාර් 42ක් රැස් කකළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ ක්‍රීඩකයන්ට පන්දුවාර 48.3ක දී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 301ක් පමණි.

Related articles

spot_img
error: Content is protected !!