28.7 C
Galle

රනිල්, ඉන්දියාව සමඟ ගිවිසුමක් අත්සන් කිරීමේ සූදානමක් ?

Published:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගිවිසුම් කිහිපයක් ම අත්සන් තැබීමට නියමිත බව වාර්තාවෙයි.

එහි දී වරාය සංවර්ධනය සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, ඖෂධ නිෂ්පාදන සහ බෙදාහැරීම්, කිරි කර්මාන්තය සහ ජලාගත සම්බන්ධතා ව්‍යාපෘති රැසක් සම්බන්ධයෙන් මෙලෙස ගිවිසුම්ගත වීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජූලි 20-21 දෙදින ඉන්දියාවට යන්නේ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් ද නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

පසුගිය දා ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණියේ ජනාධිපති වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ අපේක්ෂාවෙනි.

Related articles

spot_img
error: Content is protected !!