29.7 C
Galle

තරුණයෙක් කැලණි ගඟේ සැඟවෙයි

Published:

කැලණි ග‍ඟේ දිය නෑමට ගිය තරුණයකු අද (16) සවස අතුරුදන්ව ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

ඇඹුල්ගම ප්‍රදේශයේ දී තවත් මිතුරන් දෙදෙනකු සමඟ ඔහු දිය නාමින් සිටිය දී මෙලෙස අතුරුදන්ව ඇති බවත් ඔහු එම ප්‍රදේශයෙ ටයර් අළෙවිසැළක සේවකයකු බවත් අනාවරණය වී තිබේ.

මිතුරන් තිදෙනා දිය නාමින් සිටි බවත් අනෙක් දෙදෙනා ගොඩට පැමිණ බලනවිට මිතුරා අතුරුදන්ව ඇති බව දැනගත් බවත් ඔවුන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.   

Related articles

spot_img
error: Content is protected !!