29.7 C
Galle

මුහුදේ දී ගිනිගත් යාත්‍රාවක් සොයා නාවික හමුදාව මෙහෙයුමක

Published:

අක්කරේපත්තු ආසන්න මුහුදේ යාත්‍රාවක් ගිනිගන්නා බවට ඊයේ (16) රාත්‍රී ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව විසින් මහ මුහුදේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ විශාල එළි නංවමින් ගින්නක් දක්නට ලැබුණු බවයි. අද අලුයම 1.00න් පසු එම එළි දක්නට නොලැබුණු බව ද ඔවුහු කියති.

එම තොරතුරට අනුව ඩෝරා යාත්‍රා යොදාගෙන නාවික හමුදාව එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදුකරමින් ඇත.

Related articles

spot_img
error: Content is protected !!