29.7 C
Galle

යතුරුපැදියෙන් අධිවේගයේ යයි

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයට දොඩම්ගොඩ පිවිසුමෙන් ඇතුළු වූ යතුරුපැදිකරුවකු වැලිපැන්න දෙසට ගමන් කරමින් සිටියදී ඊයේ (16) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

දොඩංගොඩ පිවිසුමේ සිටි පොලිස් නිලධාරීන් යතුරුපැදිකරු පසුපස හඹාගෙන ගොස් අත්අඩංගුවට ගෙන තිබේ. මතුගම ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මිකයෙකු වන මොහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බව පොලිසිය පවසයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!