30.5 C
Galle

පාසලේ විනයබාර භික්ෂුව, පාසලේ දී ම වෙරි වී රෝහල්ගත කරයි

Published:

මහියංගණය, මැදයායේ පාසලක විනය බාරව කටයුතු කරන බෞද්ධ භික්ෂුවක් එම පාසලේ ගුරු නිවාසයේ දී මත්පැන් පානය කර වැටී සිටිය දී ගම්වාසීන් සහ පොලිසිය විසින් රෝහල්ගත කර ඇත.

ගුරු නිවාසය දෙසින් ළමයකූ කෑ ගසන හඬ ඇසෙන බවට ගැමිය්න විසින් පොලිසියේ 119 හදිසි ඇමතුම් අංකයට කරන ලද දැනුම් දීමක දී පොලිසිය පැමිණ පරීක්ෂා කර ඇති අතර එහි දී පෙනී ගොස් ඇත්තේ මත්පැන් පානය කර වෙරි වී සිටි භික්ෂුව ගුරු නිවාසය ඉදිරිපිට බිම වැටී කෑ ගසමින් සිටින බවයි.

විනයබාර භික්ෂුව පාසලේ ම ගුරුවරුන් දෙදෙනකු සමඟ රාත්‍රී කාලයේ ගුරු නිවාසයේ මත්පැන් සාදය පවත්වා තිබිණි.

මෙම සිද්ධිය දුටු ගම්වාසීන් කුපිත වී භික්ෂුවට සහ අනෙක් ගුරුවරුන් දෙදෙනාට පහරදීමට උත්සාහ ගනිද්දී උණුසුම් තත්වය පාලනය කළ පොලිසිය අධික ලෙස මත්පැන් බී සිටි භික්ෂුව මහියංගණය මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.

වෛද්‍යවරු පවසන්නේ භික්ෂුව ඒ වනවිටත් අඩු රුධිර පීඩනයට ලක්ව සිටි බවයි. රෝහලට ගෙන ඒම ප්‍රමාද වූයේ නම් ජීවිත අවදානමක් ඇතිවීමට ඉඩ තිබූ බව ද වෛද්‍යවරු කියති.

Related articles

spot_img
error: Content is protected !!