30.5 C
Galle

අම්බලන්තොට වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට

Published:

අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ අද (19) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොග්ගල්ල, උතුරු කඩවර ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය පවසන්නේ නාදුනන පුද්ගලයන් පිරිසක් පැමිණ එම නිවසේ කවුළුවකින් ඇතුළට එබී බලන බව දුටු නිවසේ සිටි දැරියක දැක කෑ ගසා ඇති බවයි. ඒ සමඟම නිවසේ සිටි 62 හැවිරිදි පුද්ගලයා නිවසින් පිටතට පැමිණ ඇති අතර ආගන්තුකයන් විසින් ඔහුට වෙඩි තබා පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන්ගේ ඉලක්කය වූයේ ඔහු නොවන බවට සැකයක් පවතී.

Related articles

spot_img
error: Content is protected !!