27.8 C
Galle

තුන් හැවිරදි තම දරුවා මරා දමන බව කියමින් පොලිසියෙන් බේරීමට හැදූ පියා අත්අඩංගුවට

Published:

තම තුන්හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට ගනිමින් පොලිසියෙන් බේරීමට තැත් කළ පියකු දැඩි වෙහෙසක් දරා අත්අඩංගුවට ගත් බව මදුරන්කුලිය පොලිසිය පවසයි.

ඔහු දරුවාට අමානුෂික ලෙස කැපුම් තුවාල පවා සිදුකරමින් පොලිසියෙන් බේරීමට උත්සාහ ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය පදිංචි 28 හැවිරිදි පුදගලයෙකි.

මෙම සැකකරු කාන්තාවකට පහරදෙන බවට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය එම ස්ථානයට යද්දී සැකකරුගේ ඥාතීන් පොලිසියට බාධා කර ඔහුට පළායාමට ඉඩ ලබා දී තිබේ. එම අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ පොලිසිය රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත සැකකරුගේ පියා සහ ඥාතීන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් ගිය අවස්ථාවේ සැකකරු තම තුන් හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට ගෙන අත්අඩංගුවට ගත් තම පියා සහ ඥාතීන් නිදහස් කරන ලෙසත් එසේ නොකරන්නේ නම් දරුවා මරා දමන බවටත් පොලිසියට තර්නය කර ඇත.

පොලිසය තම ආයුධ සියල්ල බිම තැබුව ද සැකකරු තමන් අත තිබූ තියුණු ආයුධයක් වනමින් දරුවාට තුවාල සිදුවන ආකාරයෙන් කටයුතු කර තිබිණි. මේ අවස්ථාවේ දී වහාම ක්‍රියාත්මක වූ සැකකරුගේ ඥාතියකු ම ඔහු වෙත එකවරම කඩා පැන ඔහු පෙරළා ගැනීම් සමඟ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත් බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

තුවාල ලබා සිටි දරුවා පුත්තලම මූලික රෝහලට ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.

Related articles

spot_img
error: Content is protected !!