30.5 C
Galle

ඩොලරය අතහැර, ඉන්දියානු රුපියල සමඟ එක්වීමට රනිල් ගිවිසුම්ගත වෙයි ?

Published:

ඇමෙරිකානු ඩොලරය වෙනුවට, දෙරට අතර ගනුදෙනුවල දී ඉන්දියානු රුපියල භාවිතා කිරීම සඳහා ඉන්දීය බලධාරීන් සමඟ හෙට (21) රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය.

මේ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියානු රුපියල අන්තර්ජාතික මුදල් ඒකකයක් බවට පත්කිරීමට ඉන්දීය සංචිත බැංකුවේ අනුමැතිය ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. එම අනුමැතිය ලැබුණු පසු දෙරට අතර සිදුවන ගනුදෙනුවල දී ඩොලරය වෙනුවට ඉන්දීය රුපියල භාවිතා කරනු ඇත.

එම ගනුදෙනු RuPay යාන්ත්‍රණය ඔස්සේ සිදුකිරීමට ඉන්දියාව කටයුතු සළස්වා ඇත.

Related articles

spot_img
error: Content is protected !!