30.5 C
Galle

උඩවලව ජලාශය හි‍ඳෙයි, ගොවීන් අමාරුවේ

Published:

වැසි නොලැබීම හේතුවෙන් උඩවලව ජලාශය හිඳී ගොස් ඇතැයි ද මේ නිසා ගොවීන්ට ප්‍රමාණවත් තරම් ජලය ‍ලබාදීමට නොහැකිවීමේ ගැටලුවක් ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

උඩවලව, නේවාසික ව්‍යාපාර කළමනාකර තිලක් රණසිංහ පවසන්නේ ඉදිරි දින කිහිපයේ වැසි නොලැබුණහොත් ගොවි පවුල් 35,000ක් පමණ අසරණ වන බවයි.

උඩවලව ජලාශයේ ධාරිතාව අක්කර අඩි 221,000කි. දැන් එහි ඇත්තේ ජලය අක්කර අඩි 15,000කි. මේ නිසා ගොවිබිම් වෙත ජලය ලබාදීම ද සීමා කර තිබේ. දිනකට ජලය අක්කර අඩි 3,000ක් මුදාහැරිය යුතු වුව ද මේ වනවිට මුදාහරින්නේ අක්කර අඩි 1,000ක් හෝ 1,500ක් වැනි ප්‍රමාණයක් බව ද පැවසේ.

Related articles

spot_img
error: Content is protected !!