26.5 C
Galle

උසස් පෙළ සිසුන්ගේ ගැටලුව විසඳයි ?

Published:

කොරෝනා වසංගත තත්වය සහ රටේ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ පැමිණීම 40%ක් ලෙස සැළකීමට තීරණ්‍ය කළ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජන්ත් පවසයි.

2023-07-17 නිකුත් කරන ලද ලිපියකින් දැනුම් දි තිබුණේ උසස්‍ පෙළ අයදුම්කරන සිසුන් පාසලෙන් අයදුම් කරන්නේ නම් 80%ක පැමිණීම අනිවාර්යයෙන් තිබිය යුතු බවයි.

නමුත් 2020 සිට 2022 දක්වා තිබූ වතාවාරණය අනුව පාසල් දරුවන්ට නිසි පරිදි පාසල් යාමට නොහැකිවීම සැළකිල්ලට ගනිමින්, එම තීරණය වෙනස් කිරීමේ ලිපියක් නැවත නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. එය සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට,  අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන්ට යොමුකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

80%ක පැමිණීම සළකා බැලීම හේතුවෙන් ඊයේ (19) සහ අද (20) දින‍ දෙක තුළ දී පාසල්වල දැඩි ගැටලුකාරී තත්වයක් ඇති වී තිබිණි. උසස් පෙළ සිසුන් බොහෝ දෙනකුට 80%ක පැමිණීම  නොතිබුණු බැවින් ඇතැම් විදුහල්පතිවරු පවසා තිබුණේ ඔවුන්ට පාසලෙන් අස්වී පුද්ගලික අයදුම්කරුවන් ලෙස ඉදිරිපත්වන ලෙසයි. තව ද ඇතැම් සිසු සිසුවියන්ට වෛද්‍ය සහතික ඉදිරිපපත් කරන ලෙස ද ඇතැම් පාසල්වලින් උපදෙස් දී තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!