29.4 C
Galle

අතුරුදන් වූ බව කී මව සහ දියණියගේ මළ සිරුරු හමුවෙයි. නිවසේ රුධිර පැල්ලම් තිබිලා

Published:

දින කිහිපයකට පෙර අතුරුදන් වූ මවගේ සහ බිළිඳියගේ මළ සිරුරු අඟුරුවාතොට, රත්මල්ගොඩ, කැලෑබද ප්‍රදේශයක තිබී සොයාගත් බව පොලිසිය පවසයි.

මෙලෙස මිය‍ගොස් ඇත්තේ වාසනා කුමාරි නමැති වයස අවුරුදු 24ක මවක සහ මාස 11ක් වයසැති දියණියකි.

පොලිසිය පවසන්නේ මෙම මළසිරුරු සොයාගන්නා විට සතුන් විසින් ඒවාට දැඩි ලෙස හානිකර තිබූ බවයි. ඔවුන් පදිංචිව සිටි නිවසේ සිට මීටර 500ක් පමණ දුරින් තිබී එම සිරුරු සොයාගෙන ඇත.

තම බිරිඳ සහ දියණිය අතුරුදන්ව ඇතැයි මියගිය කාන්තාවගේ සැමියා විසින් පසුගිය 18 වැනි දා අඟුරුවාතොට පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි. ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසියට ඇගේ නිවසේ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් ද දක්නට ලැබී ඇත.

සිද්ධිය සම්බන්ධායෙන් මියගිය කාන්තාවගේ ඥාති සොහොයුරෙකු පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කළ බව ද පොලිසිය කියයි.

අතුරුදන් වූ වාසනා කුමාරි, 24 හැවිරිදි එක්දරු මවක් වන අතර, ඇය සිය 11 හැවිරිදි සිඟිත්තිය ද සමග පසුගිය 18 වනදා පස්වරුවේ සිට අතුරුදන්වී ඇති බව පවසමින් ඇයගේ සැමියා අඟුරුවාතොට පොලීසියට එලෙස පැමිණිල්ලක් සිදුකර තිබුණි.

Related articles

spot_img
error: Content is protected !!