29.4 C
Galle

හොරා පොලිස් කල්ලියක් අල්ලයි

Published:

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දේපළ සොරකම් කළ පුද්ගලයන් 10 දෙනකු අත්අඩගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිල්ලනිය, කහතුඩුව, අඟුරුවාතොට, පාදුක්ක, කොස්ගම, ඉංගිරිය, කිරිඳිවැල සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචි පිරිසකි.

පසුගිය 18 වැනි දා හෙරොයින් ග්‍රෑම් 10ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරීමේ දී මෙම කරුණු අනාවරණය වී තිබේ. ඒ අනුව අනෙක් සැකකරුවන් 09 දෙනා ම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් එක් අයකු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන ඇත. මෙම කණ්ඩායම සතුව කොල්ලකන ලද ත්‍රී රෝද රථ 02ක්, යතුරුපැදි 06ක්, රත්‍රන් ගුලි 03ක්, කඩු 02ක්, මන්නා පිහියක් සහ පොලිස් යනුවෙන් සටහන් කරන ලද ටී ෂර්ට් සහ ජැකට් කිහිපයක් ද සොයාගනු ලැබූ බව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!