28.2 C
Galle

අඟුරුවාතොට මව සහ දියණිය ඝාතනයේ සැකකරු යළි අත්අඩංගුවට

Published:

කාන්තාවක් සහ දියණියක් ඝාතනය කර වන ලැහැබකට ගෙන ගොස් දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු අද (22) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

කාන්තාව සහ බිළිඳිය අතුරුදන් වූ අවස්ථාවේ තම ඥාති සොහොයුරකු සම්බන්ධයෙන් සැකයක් ඇති බව මියගිය කාන්තාවගේ සැමියා පොලිසියට පවසා තිබිණි. එම සැකය අනුව අත්අඩංගුවට ගත් සැකකරු පොලිසිය විසින් පසුව මුදාහරින ලදී.

කාන්තාවගේ සහ බිළිඳියගේ මළ සිරුරු හමුවීමත් සමඟ අදාළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් තිබූ අතර ඔහු තම ත්‍රී රෝද රථයේ සැකකටයුතු යමක් රැගෙන යන ආකාරය සීසීටීවී කැමරාවක ද සටහන්ව තිබිණි. ඒ අනුව නැවත අද (22) අලුයම ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, වරකාගොඩ පිහිටි ඔහුගේ නිවසේ දී ය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔහු පොලිසියට තියුණු ආයුධයකින් පහර දී පැන යාමට උත්සාහ ගත් බවත් එම අවස්ථාවේ ඔහු විසින් ම එම ආයුධයෙන් තුවාල සිදුකරගත් බවත් පොලිසිය පවසයි. මේ වනවිට සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන හොරණ මූලික රෝහලට ඇතුළත් කර සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!