29.4 C
Galle

පාසල් අධ්‍යාපනයේ ලොකු වෙනසක්, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වෙනස් කරයි ?

Published:

පාසල් දරුවන් සඳහා විභාග පැවැත්වීමේ ක්‍රමයේ වෙනසක් කළ යුතු යැයි නිර්දේශ ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පිහිටුවනු ලැබූ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් මගින් මෙම නිර්දේශ දී ඇත.

එම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අධිකරණ අමාත්‍ය වි‍ජේදාස රාජපක්ෂ කියා සිටියේ, ඒ අනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණියේ දී නොව 10 වැනි ශ්‍රේණියේ දී පැවැත්වීමටත්, උසස් පෙළ විභාගය 12 වැනි ශ්‍රේණියේ දී පැවැත්වීමටත් නිර්දේශ කළ බවයි.

මේ වනවිට එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!