29.4 C
Galle

මහබැංකුවට බෝම්බයේ වරදකරුවන්ට, රනිල්, ජනාධිපති සමාව දෙයි

Published:

මහබැංකුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ වරදකරු වී වසර 200ක සිර දඬුවම් නියම වී සිටි පුද්ගලයකුට සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටි පුද්ගලයකු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.

1996 වර්ෂයේ දී එල්ලකරන ලද මෙම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් 91 දෙනකු මියගිය අතර විශාල පිරිසක් තුවාල ලබා දේපළ හානි රැසක් ද සිදුවිය.

එම ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙල්ලයියා නවරත්නම නමැති පුද්ගලයාට අධිකරණය මගින් වසර 200ක සිරදඬුවම් නියම කර තිබිණි.

මීට අමතරව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටි එස්. සන්මුගරාජා නැමති අයකුට ද ජනාධිපති සමාව ලබා දී ඇත.

ඔවුන් දෙදෙනාගේ යහපත් කල්ක්‍රියාව හේතුවෙන් මෙලෙස ජනාධිපති සමාව ලබා දී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති සමාව ලැබූ දෙදෙනා 18 වැනි දා බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!