29.4 C
Galle

නිවසකට පහර දී පෙට්‍රල් බෝම්බ ගසා තරුණියක් මරුට, 09 දෙනකු රෝහලේ

Published:

වව්නියාව, තොනිකල් ප්‍රදේශයේ නිවසකට කඩු සහ පොලු රැගෙන කඩාවැදුණු පිරිසක් අද (23) අලුයම එහි නිවැසියන්ට පරහ දී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කිරීම හේතුවෙන් තරුණියක් මියගොස් 09 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ෆාතිමා සම්මා සෆීදීර් නමැති 21 හැවිරිදි තරුණියකි.

එම නිවසේ අද (23) උපන්දින සාදකයක් සූදානම් කර තිබූ බවත්, මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ මෙම පහරදීම සිදුකළ බවත් වාර්තා වේ. පැමිණි පිරිස විසින් නිවැසියන්ට පහර දී ඔවුන් නිවසේ සිරකොට පෙට්‍රල් බෝම්බ එල්ල කර ඇතැයි ද ඒ හේතුවෙන් නිවස ගිනිගෙන ඇතැයි ද පොලිසිය පවසයි.

මියගිය තරුණියගේ සිරුර පිළිස්සුම් තුවාල සහිතව නිවස තුළම ඇති අතර වව්නියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!