29.4 C
Galle

හග්ගල, අධි සංවේදී රක්ෂිතයේ ගින්නක්

Published:

හග්ගල අති සංවේදී ස්වභාවික රක්ෂිතයේ අද (23) ගින්නක් හටගෙන ඇති බව හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.

හග්ගල, හුළං ක‍පොල්ල නමින් හඳුන්වන ප්‍රදේශයේ මෙම ගින්න ඇති වී තිබෙන බවත් අද දහවල් වනවිට අක්කර 15ක පමණ වනාන්තර ප්‍රදේශයක් විනාශ වී ඇති බවත් වාර්තා වේ.

නුවරඑළිය, හග්ගල රක්ෂිතය මැදින් අධි වෝල්ටීය විදුලි රැහැන් පද්ධතියක් ඇද ඇති බැවින් එම විදුලි රැහැන් කඩා වැටීමෙන් මෙම ගින්න හටගන්නට ඇතැයි අඩවි වන නිලධාරීන්ගේ අදහසයි.

Related articles

spot_img
error: Content is protected !!