29.4 C
Galle

විදෙස් යුවළක් බේරාගැනීමට මුහුදට පැන්න දෙදරු පියා මරුට

Published:

මුහුදේ ගසාගෙන යමින් සිටි රුසියන් ජාතික යුවළක් බේරාගැනීමට කටයුතු කළ ජීවිතාරක්ෂක නිලධාරියකු කළුතර උතුරු වස්කඩුවේ දී මුහුදේ ගිලී මියගොස් අතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර සුමංගල පාරේ පදිංචිව සිටි ජී.ධනුෂ්ක ප්‍රියදර්ශන පෙරේරා නමැති 36 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු වස්කඩුව මර්මේඩේ සංචාරක හෝටලයේ ජීවිතාරක්ෂක නිලධාරියා ලෙස සේවයර කර ඇත.

අද (23) දහවල් උතුරු වස්කඩුව මුහුදේ දිය නාමින් සිටි විදේශික යුවළ ගසාගෙන යද්දී ඔවුන් උදව් ඉල්ලා කෑ ගසා තිබේ. එම අවස්ථාවේ මියගිය ජීවිතාරක්ෂක නිලධාරියා මුහුදට පැන ඒ දෙසට පිහිනා යද්දී ඔහු ද රළට හසුව ගසාගෙන ගොස් තිබේ. ඒ අවස්ථාවේ දී තවත් හෝටල් සේවකයන් දෙදෙනකු ඔහුගේ සහයට  මුහුදට පැන ඇතත් ඔවුන්ද රළ පහරට හසුව ගසාගෙන ගිය බව ඇසින් දුටුවෝ කියති. මේ අවස්ථාවේ අවට තරුණයන් සිව් දෙනකු සහ හෝටල් සේවකයන් දෙදෙනකු වහාම ක්‍රියාත්මක වී ජීවිතආරක්ෂක නිලධාරීන් භාවිතා කරන උපකරණ භාවිතා කරමින් මුහුදේ ගසාගෙන ගිය පිරිස ගොඩට ගෙන ඇත.

ජීවිතාරක්ෂක නිලධාරියා ත්‍රී රෝද රථයකින් කළුතර රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් විසින් සනාථ කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!