28.8 C
Galle

ඇල්ලේ ගින්නෙන්, ආරුක්කු 09 බේරාගැනීමට දැඩි පරිශ්‍රමයක්

Published:

ඇල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ පයිනස් වගාවේ හටගෙන ඇති ගින්නක් ආරුක්කු 09 පාලම දෙසට පැතිරීයාම වැළැක්වීම සඳහා පොලිසිය, යුද හමුදාව සහ ආපදා කළමනාකරණ ඒකකය ප්‍රදේශවාසීන් සමඟ එක්ව දැඩි වෙහෙසක් ගනිමින් සිටියි.

මෙම ගින්න අද (23) උදෑසන හටගෙන තිබිණි. ප්‍රදේශයේ පවතින වියළි කාලගුණික තත්වය සහ දැඩි සුළං හේතුවෙන් ගින්න වේගයෙන් ව්‍යාප්තවන බව පැවසේ. ගින්න මේ වනවිට දුම්රිය මාර්ගය දක්වා පැතිරයමින් පවතී. ආරුක්කු 09 පාලම දෙසට ගින්න පැතිර ගියහොත් පාලමේ ස්ථාවරත්වයට ඉන් බලපෑම් එල්ලවිය හැකි බැවින් එය කඩිනමින් පාලනය කිරීමට සියලු ප්‍රයත්න දරන බව පොලිසිය පවසයි.

ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යෙදීමට ද කටයුතු කරන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!