29.4 C
Galle

තරුණයන් තිදෙනකු මුහුදේ දී අතුරුදන්

Published:

මීගමුවේ, ඒතුතකාල ආසන්න මුහුදේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනකු අතුරුදන්ව ඇතැයි මීගමුව පොලිසිය කියයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ සත්‍යමර්ති සිරිවන්ත් (21) විවේල් ආනන්ද කුමාර් (23) සහ ජෙයදිස්වරරන් ජයලක්ෂ්මන් (23) නමැති තිදෙනෙකි.

කොස්ලන්ද, ඩයගම සහ චුන්කානම් ප්‍රදේශවල පදිංචි ඔවුන් අද (23) දහවල් මීගමුවට පැමිණ මුහුදු වෙරළේ දිය නාමින් සිටිය දී විශාල රළ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් වූ බව ඔවුන් සමඟ පැමිණි තරුණයකු මීගමුව පොලිසියට දැනුම් දී ඇත.

මීගමුව පොලිසිය නාවික හමුදාවේ ද සහය ඇතිව අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!