29.4 C
Galle

චීන දූත පිරිසක් ජනපති හමුවෙති

Published:

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන සභික සහ වොන්ග්කිංග් නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියාජුන් ඇතුළු නියෝජිතයන් පිරිසක් අද (24) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූහ.

එහි දී ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා සහ වෙළෙඳ පොළ අවස්ථා පිළිබඳව ද සාකච්ඡා සිදුව ඇත.

කලාපීය සහයෝගීතාව වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව, ණය ප්‍රශස්ථකරන වැඩසටහනේ ප්‍රගතිය මෙන්ම රජයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා විසින්, චීන දූත පිරිස දැනුම්වත් කරන ලදී.

නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති යළිි ආරම්භ කිරීම කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇත.

Related articles

spot_img
error: Content is protected !!