30 C
Galle

‍රෝයල්පාර්ක් වරදකරුට සමාව දීමට එරෙහි ලිඛිත දේශන කැඳවයි

Published:

රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරු වූ ජූඩ් සමන්ත ජයමහට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සමාව ලබාදිමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීම අගෝස්තු මස 25 වැනි දිනට පෙර කරන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) දැනුම් දුන්නේය.

ජනාධිපති සමාව ලබාදීම බල රහිත කරන්න යැයි ඉල්ලා ඇති පෙත්සමට අදාළ සියලු පාර්ශවයන්ගේ වාචික දේශන අද අවසන් කළ බවත් ඒ අනුව තීන්දුව ලබාදීම ඉදිරියට කල්තබන බවත් පැවසූ එස් තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ලිඛිත දේශනා සඳහා දිනය නියම කළේය.

Related articles

Recent articles

error: Content is protected !!