27.3 C
Galle

උපන්දින සාදයට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි පියාත් මරුට

Published:

වව්නියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවති නිවසකට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයකු මියගිය බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ සුගන්දන් නමැති 33 හැවිරිදි පුද්ගලයෙකි.

 මියගොස් ඇති ඔහු එම ප්‍රහාරය සිදුවූ ස්ථානයේ දී ම මියගිය කාන්තාවගේ සැමියාය. ඔවුන් දෙදෙනාගේ පුතුගේ දෙවැනි වසර උපන්දිනය සැමරීමට සූදානමින් සිටිය දී මේ ප්‍රහාරය එල්ල වී තිබිණි.

මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ නිවසට ගිනිතබා ඇති බවට CCTV දර්ශන මඟින් අනාවරණය කරගෙන ඇති අතර, සිද්ධියට අදාළ සැකකරුවන් කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වමින් සිටින බවද වව්නියාව පොලීසිය පැවසුවේය.

Related articles

spot_img
error: Content is protected !!