33.3 C
Galle

කුවේට් ගිහින් වෙන වැඩ කළ, 62ක් පිටුවහල්

Published:

වීසා නොමැතිව කුවේට්හි රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.

ඒ අතර කාන්තාවන් 59 දෙනකු සහ පිරිමි පුද්ගලයන් 03 දෙනකු සිටින බවත්, ඔවුන්ට තාවකාලික ගුවන් ගමන් ලපත්‍ර සාදා මෙරටට එවන ලද බවත් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මෙම පිරිස ගෘහ සේවය සදහා ගිවිසුම් ගත වී සිටි නිවෙස්වලින් පළාගොස් , කුවේට් රාජ්‍යයේ තාවකාලික නේවාසිකාගාරවල රැදී සිටිමින්, විවිධ රැකියා ස්ථානවල කුවේට් ඩිනාර් 250 ක් වැනි මාසික වැටුපක් සදහා සේවයේ නිරත වෙමින් , වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි අය බව කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දැනුම් දී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!