27.4 C
Galle

පාර්ලිමේන්තුවේ අනංගයෝ. සේවිකාවන්ගෙන් පැමිණිලි

Published:

පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් තමන්ට ලිංගික හිංසනයන් සහ බලපෑම් සිදුවන බව පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සේවිකාවන් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයට පැමිණිලි කර තිබේ.

ඔවුන් පවසන්නේ ඇතැම් ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් කාලයක සිට විවිධ ලිංගික හිංසනයන් සිදුකරන බවයි. ඒවාට අවනත නොවන්නේ නම් පළිගැනීම් සිදුකරන බව ද ඔවුහු පෙන්වා දෙති.

පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණධීරගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ  එවැනි තත්වයක් පවතී නම් තමා ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි.

මෙම කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයටද  ලිඛිතව පැමිණිලි කිරීමට කටයුතු කරගෙන යන එම සේවිකාවෝ කියති.

Related articles

spot_img
error: Content is protected !!