30.5 C
Galle

පොහොට්ටු රැස්වීමේ මල් වෙඩි, පොලිස් ජීප් රථය තුළ පුපුරයි

Published:

කළුතර දී පැවැත්වූ පොදුජන එක්සත් පෙරමුණේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අවසානයේ පත්තුකළ මල් වෙඩිල්ලක් පොලිස් ජීප් රියක් තුළ දී පුපුරායාමෙන් එම රථයට අලාභහානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.

මෙම රැස්වීම ඊයේ (30) සවස කළුතර බස් නැවතුම් පොළෙ අසළදී පැවැති අතර පයාගල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එම රැස්වීමේ රාජකාරී සඳහා ගොස් සිටිය දී ජීප් රියට මෙම අලාභහානි සිදුව ඇතැයි වාර්තා වේ.

මල් වෙඩිල්ල පොලිස් ජීප්රථය තුළ පිපිරීමෙන් රථයේ වීදුරුවලට හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!