24.9 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (31) දිනයේ ගනුදෙනු 24,053ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 2,753ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 74ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,386ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 382
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 223
  • හේලීස් එන්ජීටී සමාගම රුපියල් මිලියන 173

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 07
  • පීපල්ස් ලීසිං සමාගම කොටස් මිලියන 5.9
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 5.5

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම  33%
  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 33%
  • යෝර්ක් ආකේඩ් සමාගම 24%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • රිචර්ඩ් පීරිස් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 23.70 බැගින්
  • හේලීස් සමාගම කොටස් 450,000ක් රුපියල් 87.00 බැගින්
  • සෙලාන් බැංකුව කොටස් මිලියන 3.5 රුපියල් 47.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 292
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 234
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 232

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 177ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 216ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 39ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන  තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 44
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 15
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 06

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 86
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 09
  • ලංකා අයි‍ඕසී සමාගම රුපියල් මිලියන 09

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!