28.7 C
Galle

දෙවොල් දෙවියන් වඳින්න ගොස් සූර් වූ, වෛද්‍ය සිසුන් අධිකරණයට ?

Published:

උණවටුන වැල්ලේ දේවාලයට ගිය සීමාවාසික වෛද්‍යවරයකු සහ වෛද්‍ය සිසු සිසුවියන් පිරිසක් රාත්‍රීයේ මත් ද්‍රව්‍ය ගෙන එහි තිබූ වෙළෙඳ සැළක දී අද (03) අලුයම ගැටුමක් ඇතිකරගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මේ පිළිබඳ ‍පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආ අවස්ථාවේ දී ද වෛද්‍ය සිසුන් අදාල වෙ‍ෙළඳ සැල් හිමිකරුවන් සමඟ පොලිසියේ දී පවා ගැටුම් ඇතිකිරීමට උත්සාහ ගෙන තිබිණි. ඒ අනුව එම ‍සීමාවාසික වෛද්‍යවරයා ඇතුළු වෛද්‍ය සිසුන් සිසුවිියන් පිරිස කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු කර ඇත.

එම අධිකරණ පරීක්ෂණයේ දී සීමා වාසික වෛද්‍යවරයා සහ වෛද්‍ය සිසුවකු කොකේන් මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් පානය කර ඇතැයි තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි.

ඔවුන් අද (03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!