28.9 C
Galle

ලිට්‍රෝ ගෑස් මිලට සිදුවන දේ ‍

Published:

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල වැඩි නොකරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කර සිටී.

මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ ගොස් ඇති බැවින් මිල සූත්‍රයට අනුව ගෑස් සිලින්ඩරයක් රුපියල් 470.00කින් පමණ ඉහළ දැමීම මේ අවස්ථාවේ කළ යුතු වුවත් එය සිදු නොකරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් පාරිභෝගිකයන් ලක්ෂ 60ක් පමණ සිටින බැවින් ඔවුන්ට එම සහනය ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම කීවේය.

කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 2,982.00ක් ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,198.00ක් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 561.00ක් ද ලෙස, තව දුරටත් පවතින බව ද එම සමාගම පවසයි.

Related articles

spot_img
error: Content is protected !!