26.7 C
Galle

ඉම්රාන් ඛාන් වසර 03කට සිරගෙට, දේශපාලනයත් තහනම්

Published:

පකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවම්ක නියම කිරීමට පකිස්තාන අධිකරණය අද (05) කටයුතු කළේය.

එමෙන් ම ඔහුට වසර 05ක කාලයක් දේශපාලනයේ යෙදීම ද තහනම් කර ඇත.

පකිස්තානයේ ඉමහත් ගෞරවයට පත් වූ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ඉම්රාන් දැන් 70 වැනි වියේ පසුවෙයි. ඔහු නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරමින් එරට අග්‍රාමාත්‍යවරයා ද වූයේය.

අගමැතිධූරය දැරූ කාලයේ දී විදේශීය රටවලින් සහ පුද්ගලයන්ගෙන් ලැබුණු තෑගි නීති විරෝධී ලෙස විකිණීමේ චෝදනාවට වැරදිකරු කරමින් මේ තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

මෙම නඩු තීන්දුව ඉස්ලාමාබාද් අදිකරණයේ දී ලබාදෙන අවස්ථාවේ ඉම්රාන් ඛාන් අධිකරණයේ සිටියේ නැත.

ඉම්රාන් ඛාන්ගේ නීතිඥයන් පවසා ඇත්තේ අද මෙම තීන්දුව ලබාදීමෙන් පසු පකිස්තාන පොලිසිය විසින් ඔහු නිවසේ සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!