28.9 C
Galle

චොකලට් එකක, මිනිස් ඇඟිල්ලක කොටසක්

Published:

මහියංගණය රෝහලේ ආපනශාලාවෙන් ඊයේ (05) මිල දී ගත් චොකලට් එකක් තුළ තිබී මිනිස් ඇඟිල්ලක කොටසක් හමු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

මෙම චොකලට් එක මිල දී ගෙන ඇත්තේ රෝහලේ ම කාර්ය මණ්ඩලයේ සේවය කරන නිලධාරීන් විසිනි. KSSuper නමින් හඳුන්වන චොකලට් එකක් ඇතුළේ මෙම මිනිස් ඇඟිලි කොටස තිබූ බව පැවසේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂක චාමින්ද රත්නායක පවසන්නේ එය නියපොත්තක් සහිත මිනිස් ඇඟිල්ලක මුල් පුරුක බව තහවරු වූ බව කීවේය. ඒ අනුව අදාල චොකලට් එක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය භාරයට ගෙන ඇති අතර ඒ පිළිබඳ ලබන සඳුදා (07) අධිකරණට කරුණු වාර්තා කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!