28.4 C
Galle

ඉන්දීය ජාතිකයන් පිරිසක් පිළිස්සුම් තුවාල සහිතව කළුබෝවිල රෝහලට

Published:

පිළිස්සුම් තුවාල සහිත ඉන්දීය ජාතිකයන් 07 දෙනකු කළුබෝවිල රෝහලට ඇතුළත් වී සිටින බව පොලිසිය පවසයි.

ඔවුන් 07 දෙනා කැස්බෑව, දියගම පාරේ පුද්ගලික කර්මාන්තශාලාවක සේවය කර ඇති බව අනාවරණය වී ඇත. එහි යකඩ උණුකරන බොයිලේරුවකින් ගිනියම් වූ යකඩ කැබලි පිටතට විසිවීමෙන් තුවාල ලැබූ බව ඔවුන් පවසා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!