28.4 C
Galle

තවත් කාන්තාවන් දෙදෙනකුගේ චෝදනා ලැබූ පල්ලේගම සුමනට, අධිකරණය දුන් නියෝගය

Published:

කාන්තාවන් දෙදෙනකු සමඟ කාමරයක සිටිය දී දායකයන් විසින් තමන් සහ කාන්තාවන් දෙදෙනා නිරුවත් කර පහර දුන්නේ යැයි පොලිසියට පැමිණිලි කළ පල්ලේගම සුමන නමැති බෞද්ධ භික්ෂුවට වෙනත් කාන්තාවන් දෙදෙනකුගෙන් එල්ල වී ඇති ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර නියෝග කළාය.

පල්ලේගම සුමන නමැති මෙම භික්ෂුව නවගමුව බෝමිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක් පවත්වාගෙන ගිය අතර ඔහු විසින්ම වරක් පොලිසියට පවසා තිබුණේ එය නිවසක් බවයි.

කාන්තාවන්ට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නවගමුව පොලිසියට එම භික්ෂුව අද (08) කැඳවා තිබූ අතර පසුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!