28.4 C
Galle

ශ්‍රී ලාංකික බාලදක්ෂයන්, කුණාටුවට පෙර වෙනත් තැනකට රැගෙන ගිහින්

Published:

දකුණු කොරියාවේ පැවැත්වෙන 25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියට ගිය ශ්‍රී ලාංකික බලදක්ෂයන් ‘ඛානුන්’ සුළි කුණාටුවෙන් බේරාගැනීම සඳහා වෙනත් ස්ථානයකට රැගෙන ගිය බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අද (09) මෙම බාලදක්ෂ ජම්බෝරිය ආරම්භ කිරීමට නියමිතව තිබිණි. එසේ වුව ද ඛානුන් සුළි කුණාටුව මෙම ජම්බෝරිය පැවැත්වීමට නියමිත ප්‍රදේශය හරහා ගමන්කරන බව කාලගුණ අංශ නිවේදනය කර තිබිණි.

ශ්‍රී ලංකා බාලදක්ෂයන් සෝල් නගරය ආසන්නයේ පිහිටි දන්ග්කුක් විශ්වවිද්‍යාලය වෙත ආරක්ෂිතව රැ‍ගෙන ගොස් ඇති අතර ඔවුන් සුරක්ෂිතව සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!