27.6 C
Galle

අධිකරණ නියෝගය කැඩූ විශ්වවිද්‍යාල සිසු පිරිසක් අත්අඩංගුවට

Published:

අධිකරණ නියෝග නොතකා විරෝධතාවයේ නිරත වූ අනත්ර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් 22 දෙනකු අද (10) සවස අත්අඩංගුවට ගත් බව පොලිසය පවසයි.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්ත් කොළඹ මහජන පුස්තකාල භූමියට බලහතාකාරයෙන් ඇතුළු වී සිටිය දී ය.

කොළඹ   පුරහල අවට හා විහාරමහදේවි උද්‍යානය අසල  විරෝධතාවේ නිරත වෙමින් සිටියදි පොලිසිය ඔවුන් විසිරුවා හැරීමට ජල ප්‍රහාර එල්ල කිරීමත් සමග  සිසුන් විහාරමහා දේවි උද්‍යාවට ඇතුලු වී එහි රැදී සිටි ඇත.

එහි රැදී සිටි සිසුන් පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඔවුන් පසුපසු හඹා යාමේ දී සිසුන් පිරිසක් මහජන පුස්තකාල පරිශ්‍රයට බලහත් කාරයෙන් ඇතුලු වූ බවත් පොලිසිය එහි ගොස් ඔවුන් අත්අඩංගුවට ගත් බවත් කියයි.

අත්අඩංගුවටගත් සිසුන්  පිරිස හෙට  (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. .
කුරුදුවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!