27.6 C
Galle

EPF සම්බන්ධ පෙත්සම ඉවතට දමයි

Published:

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේ දී ගෙවන පොළිය 9%ක් දක්වා අඩුකිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ගොනුකරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කළේය.

එලෙස පොලිය අඩුකිරීමෙන් අර්ථසාධක අරමුදල් හිමිකරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝගනය වන බවට තීන්දුවක් ලබාදෙන්න යැයි පෙත්සම මගින් ඉල්ලා තිබිණි.

මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලද්දේ, විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!