25.9 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 20,112ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,182ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 53ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,596ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 748
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 268
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 164

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 8.7
  • ඩිස්ටරරීස් සමාගම කොටස් මිලියන 4.1
  • පීපල්ස් ලීසිං කොටස් මිලියන 4.1

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • රේඩියන් ජෙම්ස් සමාගම 28%
  • ඇල්ෆා ෆයර් සමාගම 19%
  • ලාෆ් ගෑස් සමාගම (X) 18%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 7.86ක් රුපියල් 86.00 බැගින්
  • එන්ඩීබී බැංකුව කොටස් 248,000ක් රුපියල් 84.00 බැගින්
  • පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 26.00 බැගින්
  • ත්‍රීඒකර් ෆාම් සමාගම කොටස් 105,000ක් රුපියල් 190.00 බැගින්
  • සීඅයිසී සමාගම කොටස් 353,000ක් රුපියල් 74.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 286
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 264
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 225

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 648ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 574කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 74ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 269
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 33
  • පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 26

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 165
  • ත්‍රීඒකර් ෆාර්ම් සමාගම රුපියල් මිලියන 46
  • වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 39

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!