27.6 C
Galle

පොහොට්ටුව බෙදේ, මහින්දට දිගටම ගහන්න කියයි.

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) අද (12) නුවරඑළියේ දී දෙපැත්තට බෙදී ක්‍රිකට් තරඟයකට සහභාගී විය. ඒ මහින්ද රාජපක්ෂ අභියෝගතා කුසලානය වෙනුවෙනි.

නුවරළිය නගර සභා පිටියේ පැවැති මේ ක්‍රිකට් තරඟයේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද පිතිකරණයේ යෙදුණු අතර ඔහුට “සර්, දිගටම ගහන්න” යැයි කියනු ද පසුබිමෙන් ඇසිණි.

මහින්දගේ පිත්තේ පන්දුව වැදුණු විගස අවට සිටි පොහෝට්ටු සාමාජිකයෝ “සර්. මාරයි. නියමයි කියමින් ඔහු දිරිමත් කළහ.

නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරු රැසක් මෙම තරඟයට එක්ව සිටියහ.

News1st මෙම සිද්ධිය වාර්තා කර තිබුණේ මේ ආකාරයෙනි.

Related articles

spot_img
error: Content is protected !!