27.2 C
Galle

වඳින්න ගිය දේවාලය හිසට කඩා වැටී, පිරිසක් මරුට

Published:

පැරණි හින්දු කෝවිලක් ඇතුළේ දේව කන්නලව්වක් පැවැත්වෙමින් තිබිය දී එම කෝවිල කඩා වැටීම හේතුවෙන් අවම වශයෙන් 09 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුර සිදුව ඇත්තේ ඉන්දියාවේ හිමාචාල් ප්‍රදේශයේ සිම්ලා නගරයේ දී ය. සංචාරකයන් අතර ඉතාමත් ප්‍රසිද්ධ පෞරාණික කෝවිලක් වන මෙය අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ නාය යාමක් සමඟ කඩා වැටී ඇතැයි පැවසේ. කඩා වැටුණු සුන්බුන් අතර 20-25ත් අතර පිරිසක් සිරවී සිටිතැයි අනුමාන කරන අතර ඔවුන් බේරාගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇත.

https://ca.news.yahoo.com/himachal-pradesh-nine-dead-dozens-075404151.html

Related articles

spot_img
error: Content is protected !!