27.2 C
Galle

සිසුවියක්, සිසුන් පිරිසකගේ වතුරට වස මුසු කරයි. සිසුන් පිරිසක් රෝහලේ

Published:

කුලියාපිටිය, නාරම්මල මයුරපාද කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් පිරිසකට වස සහිත ජලය පෙවී රෝහල්ගත කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තෙ 10 වැනි ශ්‍රේණියේ සිසුන් 05 දෙනෙකු සහ සිසුවියකි. ඊයේ (14) සිදුවූ මෙම සිද්ධිය පිළිබඳ ‍විමර්ශනය කිරීම සඳහා සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ සඳුදා උදෑසන රැස්වීමට සිසුන් ගිය අවස්ථාවේ දී එම රැස්වීම මඟහැර සිටි සිසුවියක් සැකකටයුතු යමක් සිදුකරන බවයි. එම සිසුවිය රෝහල්ගත කළ සිසුවිය බව ද හඳුනාගෙන තිබිණි.

පසුව සිදුකරන ලද ප්‍රශ්නකිරීමේ දී අනාවරණය වී ඇත්තේ තමන් පීඩාවට පත්කළ සිසුන් 05 දෙනකුගේ ජලයට විෂ මුසුකර, තමන් පිළිබඳ සැක නොසිතෙන ලෙස තම බෝතලයට ද විෂ එකතුකරගෙන ඇති බවයි. එලෙස එකතුකර ඇත්ත‍ේ වල්පැලෑටි නාශකයකි.

ජලයට එකතු වී ඇත්තේ ඉතාමත් සුළු විෂ ප්‍රමාණයක් බැවින් ඔවුන්ට ගැටලුවක් නැතැයි රෝහල් ප්‍රකාශකයකු කීය.

Related articles

spot_img
error: Content is protected !!