27 C
Galle

අනතුරකින් මවක සහ දියණියක මරුට

Published:

අනුරාධපුරයේ, කදිරේෂන් කෝවිල ඉදිරිපිට දී ඊයේ (21) සිදු වූ රිය අනතුරකින් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කලාඔය, සමගි මාවත පදිංචි සශිකා දුලානි වීරසිංහ නමැති 36 හැවිරිදි මවක් සහ තිසනි ප්‍රියංකා නමැති 08 හැවිරිදි දියණියයි.

මව සහ දියණිය යතුරුපැදියකින් කඩ 30 දිශාවේ සිට ජයන්ති වටරවුම දෙසට ගමන්කරමින් සිටිය දී එම දිශාවටම ගමන්ගත් ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

පොලිසිය පවසන්නේ ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බවයි.

Related articles

spot_img
error: Content is protected !!