27 C
Galle

ගාල්ල බන්ධනාගාරයේ, මාරාන්තික රෝගයේ ව්‍යාප්තිය වැඩිවෙයි

Published:

ගාල්ල බන්ධනාගාරයේ පැතිරයන මාරාන්තික මෙනින්කොකොකල් රෝග ලක්ෂණ පෙන්වන 16 දෙනකු දැනට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවරු කරයි.

පසුගිය දා ගාල්ල බන්ධනාගාරයෙ රැඳවියන් දෙදෙනකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කල කරාපිටිය ශික්ෂණ රෝහලේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශය සඳහන් කර තිබුණේ මෙම රෝගය Neisseria meningitides නමැති බැක්ටීයාව හේතුවෙන් ඇතිවන මෙනින්ගොකොකල් නමැති රෝගය බවයි.

එය දුර්ලභ සහ බරපතල රෝගී තත්වයකි. එමගින් මොළයේ සහ සුෂුම්නාවේ ආසාදන ඇතිකරන බවත් රුධිර ආසාදනවලට හේතුවන බවත් වෛද්‍යවරු කියති. ඇඟ කැසීම, දද ආකාරයෙන් තුවාල ඇතිවීම සහ උණ මෙහි මූලික රෝග ලක්ෂණ වෙයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මියගිය දෙදෙනාම රිමාන්ඩ් සිරකරුවන් බවයි. එමෙන් ම ආසාදිත රැඳවියන් අතර උණ සහ සමේ කැසීම් ඇති බව ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!