27.4 C
Galle

කුඹල් පෙරහැරට ඉහළින් ගිය, කැමරාවක් වෙඩි තබා බිම දමයි

Published:

පළමු කුඹල් පෙරහැර ඊයේ (22) රාත්‍රී වීදි සංචාරය කරද්දී පෙරහැර මාර්ගයේ පියාසර කළ ඩ්‍රෝන කැමරාවක් වෙඩි තබා බිම හෙළා ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි. අනවසරයෙන් ඩ්‍රෝන කැමරාව යැවූ සංචාරකයකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි චීන ජාතිකයෙකි.

පෙරහැර ගමන්ගන්නා මාර්ගයට ඔහු විසින් ඩ්‍රෝන කැමරාව යොමුකර ඇති අතර පෙරහැරට ආරාක්ෂාව සපයමින් සිටි ගුවන් හමුදාව විසින් ඊට වෙඩි තබා තිබිණි. වෙඩි තැබීමෙන් බිම පතිත වූ ඩ්‍රෝන කැමරාව දළදා මාළිගාවේ සිට කිලෝ මීටරයක් පමණ දුර තිබී සොයාගෙන ඇත.

මහනුවර මූලස්ථාන පොලිසිය පවසන්නේ චීන ජාතික සංචාරකයා පසුගිය 20 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණ මහනුවර ප්‍රදේශයේ හෝටලයක ලැඟුම් ගෙන සිටි අයකු බවයි. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!