27 C
Galle

හෝටලයක වෙඩිතැබීමක්, පුද්ගලයෙක් මරුට

Published:

හපුතලේ හෝටලයක අද (22) රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගෙස් තවත් අයෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර පදිංචිකරුවෙකි. ‍වෙඩි වැදී තුවාල ලැබූ ඔහු රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇති අතර හෝටල් හිමිකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

පොලිසිය පවසන්නේ මෙම වෙඩි තැබීමට පැමිණි පුද්ගලයකු, වාහනයක් හෝ වෙඩි තැබීමට හේතුවක් හෝ මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

හපුතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!