29.4 C
Galle

දළදා පෙරහැරේ අලි කුලප්පු වේ

Published:

දළදා පෙරහැරේ අද (22) දෙවැනි කුඹල් පෙරහැරේ  අලි කුලප්පුවීම හේතුවෙන් පෙරහැර නරඹමින් සිටි පිරිස් හිස් ලූ ලූ අත දිවගොස් ඇතැයි වාර්තා වේ.

අලි දෙදෙනකු කුලප්පු වී ඇති අතර වැව රවුමේ පෙරහැර නරඹමින් සිටි පිරිස් වැවට පැන ඇතැයි ද ඔවුන් බේරාගැනීම සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදාව කටයුතු කරමින් සිටියි.

එක් අලියකු රැජින හෝටලයේ කොරිඩෝව වෙත කඩා වැදී කලබල කර ඇති අතර ඇත්ගොව්වන් පිරිසක් එක් වී එම අලියා බැඳ දමා ඇත. අනෙක් අලියා දළදා වීදිය ඔස්සේ දිවගොස් තිබේ.

දැඩි වෙහෙසක් දැරීමෙන් පසු කුලප්පු වූ අලි දෙදෙනා පෙරහැර ගමන්මාර්ගයෙන් ඉවත්කර ඇති අතර මේ වනවිට පෙරහැර නැවත වීථි සංචාරය කරයි.

පොලිසිය පවසන්නේ තුවාල ලැබූ අය වාර්තා වී නැති බවයි.

Related articles

spot_img
error: Content is protected !!