27 C
Galle

අකුණක් වැදීමෙන් දරුවෙක් මරුට

Published:

අකුණක් වැදීමෙන් 10 හැවිරිදි දරුවකු මියගොස් ඇතැයි දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නවමැදගම, දියවිද්දාගම ප්‍රදේශයේ සිටි දරුවෙකි. ඔහුගේ පියා කුඹුරේ අස්වැන්න නෙළමින් සිටිය දී මියගිය දරුවා තම බාල සොයුරා සමඟ එහි ගොස් ඇති අතර දරුවන් දෙදෙනා කුඹුරේ ඇති ගසක තිබූ පැළක නැග සිටිය දී මෙලෙස අකුණුසැර වැදී ඇතැයි පොලිසිය පවසයි.

අනෙක් දරුවා දැඩි කම්පන තත්වයකින් මහියංගණය රෝහලේ ප්‍රතිකාර ලබයි.

Related articles

spot_img
error: Content is protected !!